නිදහසේ intrnet යමු


හොර වැඩ වලට නියම වේගවත් වෙබ් බ්‍රව්සරයක් - Tor web browser - www.sathsayura.com

IP වෙනස් කරගෙන Proxy IP දාගෙන ඉන්ටර්නෙට් ගිය කාලෙ දැන් ඉවරයි. ඕන වෙබ් සයිට් එකකට නිර්ණාමිකව ලොග් වෙන්න දැන් Tor වෙබ් බ්‍රව්සර් එක තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ බ්ලොක් කරපු ඕනම වෙබ් සයිට් එකකට මේකෙන් කිසි කරදරයක් නැතුව ලොග් වෙන්න පුළුවන්. 

Tor කියන්නෙ ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් නිර්මාණය කරපු ව්‍යාපෘතියක්. ඒ කියන්නෙ මුල් කාලෙ මේක පිට කාටවත් පාවිච්චි කරන්න දුන්නෙ නෑ. ඒත් දැන් මේක ලෝකයේම භාවිතයට නොමිලේ ගන්න පුළුවන් විදිහට දීල තියෙනවා. 

Tor ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නෙ ෆේස්බුක් එකත් එක්ක එකතු වෙලා එයාල කරපු වැඩක් නිසා. දැන් Tor බ්‍රව්සර් එකෙන් ෆේස්බුක් එකට නිර්ණාමිකව පිවිසෙන්න පහසුකම් සලසලා දීලා තියෙනවා. ඒකයි කිව්වෙ මේක හොරුන්ට හදපු එකක් කියලා. 

Tor වෙබ් බ්‍රව්සරයේ ආරක්ෂාව උපරිමයි. Plugins තිබුණත් සේරම තියෙන්නෙ අක්‍රිය කරලා. අවශ්‍ය කෙනෙකුට ඇක්ටිව් කර ගන්න පුළුවන් Add-ons Manager ගිහින්. (වීඩියෝ බලන අයට Shockwave Flash Plugin එක ඒ විදිහට ඇක්ටි‍ව් කරගන්න වෙනවා.) මම පාවිච්චි කරල බැලුවා. ස්ලෝ වෙන්නෙත් නෑ. මේක ඉන්ස්ටෝල් වෙන්නෙ Desktop එකට. පස්සෙ තමන්ට ඕන තැන‍කට දා ගන්න පුළුවන්. අයින් කරන්න ඕන නම් uninstall කරන්න දෙයකුත් නෑ. ‍ෆෝල්ඩර් එක ඩිලීට් කරන්න විතරයි තියෙන්නෙ. 

පහළින් තියෙනවා ලින්ක් එක. සයිට් එකටම ගිහින් අළුත්ම සංස්කරණය ගන්න. හැබැයි මේක පාවිච්චි කරලා අනවශ්‍ය වෙබ් සයිට් වලට ගිහින් අනං මනං වීඩියෝ බලනවට නම් මගේ වැඩි කැමැත්තක් නෑ. මේක පුළුවන් තරම් යහපත් දේ‍ට පාවිච්චි කරන්න බලන්න.

https://www.torproject.org/download/download-easy.html.en
නිදහසේ intrnet යමු නිදහසේ intrnet යමු Reviewed by Lk goss on November 20, 2016 Rating: 5

No comments

Featured Posts